හැරී පෝටර් ඇන්ඩ් ද ඩෙත්ලි හලෝව්ස් - පළමු කොටස
සිංහල උපසිරැසි - සදකැලුම් සෙනෙවිරත්න

 

මේ අඳුරු කාලයක් බව
ප්‍රතික්ෂේප නොකරමු.

 

සමහරවිට අපේ ලෝකය අද තරම්
තර්ජනයකට ලක්ව නොතිබුනා විය හැක.

 

ඒත් මම මේ දේ අපේ වැසියන්ට කියමි.

හැමදාටම ඔබගේ සේවකයින් වන අපි...

...ඔබගේ නිදහස උදුරාගැනීමට තැත් කරන
බලවේග පලවා හැරීම දිගටම කරන්නෙමු..

 

ඔබගේ අමාත්‍යාංශය
ශක්තිමත්ව පවතිනු ඇත.

 

හමායිනි, තේ ලෑස්තියි වස්තුවේ.

මම එනවා අම්මා!

 

ඉක්මන් කරන්න ඩඩ්ලි.

මට තාම තේරෙන්නෙ නෑ
ඇයි අපි යන්න ඕනා කියලා.

මොකද තවදුරටත් මෙහෙ ආරක්ෂිත නෑ.

 

රොන්, තාත්තට කියන්න
කෑම ලෑස්තියි කියලා.

 

මේ ඕස්ට්‍රේලියාවද?

ලස්සනයි නේද?

කිලෝමීටර් 3500 පුරා විහිදුනු ඕට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ...

 

ඔබ්ලිවියේට්.

 

හැරී පෝටර් ඇන්ඩ් ද ඩෙත්ලි හලෝව්ස් - පළමු කොටස
සිංහල උපසිරැසි - සදකැලුම් සෙනෙවිරත්න

 

සෙවරස්.

මම හිතුවා ඔයාට පාර වැරදිලාද කියලා...

...එන්න, අපි ඔයාට ආසනයක් ඉතුරු කළා.

 

ඔයා ආරංචියක් ගෙනාවා මම හිතන්නෙ.

ඒක වෙන්නෙ ලබන සෙනසුරාදා.
අඳුර වැටීගෙන එනකොට.

මට ආරංචි උනේ වෙනස් විදියට,
ස්වාමිනී.

මායා කාර්යයාලයේ ඩව්ලිෂ්,
ගෙන් දැනගත්තු විදියට

පෝටර් කොල්ලව මේ මාසේ 30
වෙනකම් අරන් යන්නෙ නෑ.

ඔහුට 17 පිරෙන්න කලින් දා.

ඒක වැරදි ඔත්තුවක්.

 

මායා කාර්යයාලය තවදුරටත් හැරී පෝටර් ගේ
ආරක්ෂාව බාරව වැඩ කරන්නේ නෑ.

ඔහුට ලඟින් ඉන්න අය හිතනවා අපි
අමාත්‍යාංශය යටත් කරගනී කියලා.

 

අඩුමතරමේ ඒකවත් ඔවුන් හරියටම කිව්වා නේද?

 

ඔයා මොකෝ කියන්නේ, පයස්?

 

මට ගොඩක් දේවල් ඇහිලා තියෙනවා ස්වාමිනී.

ඒත් ඇත්ත හරියටම පැහැදිළි නෑ.

කතාකරන්නේ හරියට
නියම දේශපාලකයෙක් වගේ.

මං හිතනවා, ඔයා ගොඩක්
ප්‍රයෝජනවත් බව ඔප්පු කරයි කියලා, පයස්.

 

- කොහෙටද කොල්ලව අරන් යන්නෙ?
- ආරක්ෂිත නිවහනකට.

බොහෝ දුරට කණ්ඩායමේ
කාගෙහරි ගෙදරකට.

මට ආරංචි විදියට හැකි හැමවිදියටම
එතෙන්ට ආරක්ෂාව දෙනවා.

එතෙන්ට ගියාම ඔහුට
පහර දීම ප්‍රායෝගික නැහැ.

ස්වාමීනී මම කැමැත්තෙන්
ඉදිරිපත් වෙනවා මේ වැඩේට.

මට කොල්ලව මරන්න ඕනා.

 

වොර්ම්ටේල්!

මම කිව්වෙ නැද්ද අපේ අමුත්තගෙ
කට වහලා තියාගන්න කියලා?

හොඳයි, ස්වාමිනී.

දැන්මම කරන්නම් ස්වාමිනී.

මට ඔයාගේ ලේ පිපාසය පේනවා, බෙලාට්‍රික්ස්...

...ඒත් මමයි මරන්න ඕනා හැරී පෝටර් ව.

 

ඒත් මට අවාසනාවන්ත දෙයකට
මුහුණ දෙන්න වෙලා තියෙනවා.

මගේ යෂ්ටිය හා පෝටර් ගේ
යෂ්ටිය එකම ජාතියෙ.

 

ඒව එකවිදියකට නිවුන්නු වගේ.

අපිට තුවාල කරන්න පුලුවන් වුනත්
එකිනෙකාව මරන්න බෑ.

 

මම ඔහුව මරනවා නම්...

 

...මට ඒක කරන්න වෙන්නේ
වෙන කෙනෙක්ගේ යෂ්ටියකින්.

 

හොඳයි, ඔයාලගෙන් කෙනෙක්
ඒ ගෞරවයට ආසා ඇති.

 

ඔයා කැමතිද, ලූසියස්?

 

ස්වාමිනී?

"ස්වාමිනී?"

 

මට ඔයාගේ යෂ්ටිය ඕනා.

 

මේ එල්ම් ද?

ඔව්, ස්වාමිනී.

 

අරටුව?

 

මකර හෘද-කෙඳි ස්වාමිනී.

මකර හෘද-කෙඳි.

 

තාමත් මේ ගැන දන්නෙ
නැති අයට මේ කියන්නේ...

...අද රෑ අපිත් එක්ක එකතු වෙනවා,
ලඟක් වෙනකම් හොග්වර්ට්ස් පාසලේ...

...මායාකර්ම හා මෝහනය
ඉගැන්වූ චැරිටි බාර්බේජ්.

"මගල්" අධ්‍යයනය ඇගේ විශේෂත්වයයි.

 

බාර්බේජ් හිතනවා මගල්ලා
අපිට වඩා ගොඩාක්ම වෙනස් නෑ කියලා.

ඇය පාර පෙන්වයි...

 

...අපි ඔවුන් එක්ක මිත්‍රවෙනව නම්.

 

ඇයට අනුව මායා ලේ හා
කුණු ලේ මිශ්‍රවීම පිළිකුලක් නෙවේ...

...ඒක උනන්දු කරවන්න ඕනා දෙයක්.

 

සෙවරස්.

සෙවරස්, කරුණාකරලා.

 

අපි යාළුවෝ.

 

අවාඩා කෙඩව්රා!

 

නගිණි.

 

රෑ කෑම.

 

හෙලෝ හැරී!
හායි!

හෙලෝ

- ඔයා සූදානම් වගේ.
- ඔව්, ඔහු ඉතා අලංකාරයි.

ඔහුව කවුරුහරි මරන්න කලින්,
අපි හොර රහසේ පිටවුනොත් හොඳයි.

සුබ සන්ධ්‍යාවක්.

 

කින්ග්ස්ලි, මම හිතුවෙ ඔයා අගමැතිව
බලාගන්නවා ඇති කියලයි.

ඔයා වඩා වැදගත්.

- හෙලෝ හැරී. බිල් වීස්ලි.
- හමුවීම සතුටක්.

- ඔහු හැම වෙලාවෙම මේ වගේ කඩවසම් නෑ.
- පට්ට කැතයි.

ඇත්තයි.

ග්‍රේබැක් කියන වෘකයා එක්ක
සටන් කරද්දි වුණේ.

- මම දවසක උගෙන් පලිය ගන්නවා.
- ඔයා තාමත් මට ලස්සනයි, බිලී.

මතක තියාගන්න, ෆ්ලියුර්
බිල් මාලු කන්නෙ දැන් අමුවෙන්.

මගේ කවට ස්වාමිපුරුෂයා.

- ඒක නෙවේ, ආරංචියක් දැන ගන්නකම් ඉන්න...
රේමස් සහ මම...

හරි හරි..
පස්සෙ ඕවා කියෙව්ව හැකි.

අපි මෙහෙන් ඉක්මනින් යන්න ඕනා.
ඉක්මනින්ම

 

පෝටර්, ඔයා තාමත් වයසින් පහලයි
ඒ කියන්නේ ඔයාගේ ඉව හිටිනවා.

මොකක්ද ඉව?

ඔයාට කිඹුහුමක් ගියත් අමාත්‍යාංශය
දන්නවා කවුද නහය පිහුවෙ කියලා.

මම කියන්නේ අපි අහුනොවෙන
ප්‍රවාහන විදි හොයන්න ඕනා.

කොසු, පියාඹන තෙස්ට්‍රල් සතුන් වගේ.
අපි යුගල වශයෙන් යන්නේ.

එහෙම කළාම අපි එනකම් බලාගෙන
ඉන්නවනම්... මම හිතනවා ඉන්න බව...

...ඔවුන් දන්නෙ නෑ කොයි
හැරී පෝටර් ද ඇත්ත කෙනා කියලා.

ඇත්ත කෙනා?

 

මම හිතනවා ඔයාලා දන්නවා ඇති
කියලා මේ විශේෂ අරිෂ්ටය ගැන.

නැහැ, ඒක භයානකයි.

මම කිව්වේ එයා මේකට කැමති
වෙන එකක් නෑ කියලා.

බැහැ, ඔයාලා හිතනවනම් මම අනික් අයගේ ජීවිත
මා වෙනුවෙන් අවධානමේ දාන්න ඉඩදෙනවා කියලා...

- අපි කලින් කළා එහෙම නේද?
- නැහැ, නැහැ, මේක වෙනස්.

ඒක ගත්තහම මා වගේ වෙනවා.
එපා!

අපි ඒ ගැන කල්පනා
කළේ නෑ යාලුවා.

ඔව්, ඕක මොකක් හරි වෙලා අවුල් ගියොත්, අපි හැමදාටම
කැහැටු, කණ්ණාඩි දාගත්තු මොඩයෙක් වෙලා ඉඳියි.

මෙතන හැමෝම වයසින් ලොකු අය, පෝටර්.

 

ඔවුන් එකඟ වුනා අවධානම ගන්න.

 

ඇත්තෙන්ම කියනවනම් මට බලපෑම් කළා.

මන්ඩන්ගස් ෆ්ලෙට්චර්,

- හැමවෙලාවෙම ගෞරව කරන්නෙක්.
- ඇති, මන්ඩන්ගස්.

 

හොඳයි ග්‍රේන්ජර් කතාකරගත්තු විදියට!

- ආයි, හමායිනි!
- මේකට දාන්න, කරුණාකරලා.

 

මීටකලින් පොලිජූස් ද්‍රාවණය
රස බලල නැති අයට කියන්නේ...

...මේක හරියට ගොබ්ලින් මුත්‍රා වගේ.

ඔයා කලින් ඇතිවෙන්න රහ බලලා තියෙනවා වගේ?

 

නිකම්, ආතතිය අඩුකරගන්න කිව්වේ.

 

මාරයි! අපි එක වගේ!

නෑ, තාම නෑ.

 

වෙන එකක් තිබුනෙම නැද්ද?

ඔව්, මම මේ පාටට කැමතිම නෑ.

ඔය ඔයාලා නෙවේ නේ.
කට වහගෙන මාරු කර ගන්නවා.

හොඳයි, හොඳයි.

ඔයත්, පෝටර්.

 

බිල්, අහක බලාගන්න,
මම අප්‍රසන්නයි.

මම දැනගෙන උන්නා ජිනී පච්චය ගැන
බොරු කියලා තියෙන්නෙ කියලා.

හැරී, ඔයාගෙ ඇස් පෙනීමනම් මාරයි.

හොඳයි, අපි යුගල හැදෙන්න ඕනා.
හැමෝටම ආරක්ෂකයෙක් ඉන්නවා.

මන්ඩන්ගස්, මා එක්ක ඉන්න.
මම ඔයා ගැන බලාගන්න ඕනා.

 

- හැරී...
- ඔව්?

 

ඇත්ත කෙනා.

- කෙයි කෙනාද එයා?
- මෙහෙ.

ඔයා යන්න හැග්‍රිඩ් එක්ක.

මම ඔයාව පුංචි කාලේ මෙහෙට ගෙනාවේ
අවුරුදු 16 කට කලින්.

ඉතින් මමම තමා ඔයාව
මෙහෙන් ගෙනියන්න ඕනා.

මේ ඔක්කොම බොහොම සංවේදියී
අපි යමු!

 

කුහරය වෙතට යන්න.
අපි රහස් තැනක හමුවෙනවා එතනදි.

 

තුනට ගණන් කරනකොට!

හයියෙන් අල්ල ගන්න, හැරී!

එකයි!

 

දෙකයි!

 

තුනයි!

 

හැග්‍රිඩ්, අපි අනික් අයට උදව් කරන්න ඕනා!

අපිට ඒක කරන්න බැහැ, හැරී
මෑඩ්-අයි ගේ නියෝග.

 

අල්ල ගන්න!

 

ස්ටුපිෆයි!

 

අල්ල ගන්න, හැරී!

 

හැග්‍රිඩ්.

 

නෑ! නෑ!

 

හැරී.

 

හැරී. හැග්‍රිඩ්.

 

මොකද වුනේ?
කෝ අනික් අය?

වෙන කවුරුත් ආවේ නැද්ද?

එන්න පටන් ගත්තු වෙලාවෙ ඉඳන්ම අපිට පහර දුන්නා, මොලී.
අපිට හිතන්නවත් හම්බවුනේ නෑ.

හොඳයි ඔයාලා දෙන්න හොඳින්නේ.

මිනී කන්නෝ අපි එනකම් බලන් ඉඳලා.
ඒක වටකරලා පහර දීමක්.

ජෝර්ජ් සහ රොන් මේ වෙද්දි
ඇවිල්ලා තියෙන්න ඕනා.

තාත්තා හා ෆ්‍රෙඩ් ත් එන්න ඕනා.

 

අන්න!

 

ඉක්මන් කරන්න.
ගේ ඇතුලට ගෙනියන්න.

 

ඔහ්...

 

ඔහ්...

 

- ලූපින්!
- මොකද ඔය කරන්නේ?

 

හැරී පෝටර් මුලින්ම හොග්වර්ට්ස් වල මගේ කාර්යයාලයට
ආපුවහම කොනක උන්නේ මොන සතාද?

- ඔයාට පිස්සුද?
- මොන සතාද?

ග්‍රින්ඩිලෝ.

 

අපිව පාවලා දීලා.

වොල්ඩමොර්ට් දැනන් උන්නා
ඔයාව අද රෑ ගෙනියන බව.

මම සහතික කරගන්න ඕනා
ඔයා ප්‍රතිරූපකයෙක් නොවන බව.

 

ඉන්න!

 

ඇල්බස් ඩම්බල්ඩෝර් අපි දෙන්නට
කියපු අවසන් වචන.

 

"හැරී තමා අපිට ඉන්න හොඳම
බලාපොරොත්තුව. ඔහුව විශ්වාස කරන්න."

 

කවුද ඔයාව බේරුවෙ?

මම හිතන්නේ හෙඩ්විග්.
ඇය හැදුවෙ මාව බේර ගන්න.

 

ස්තූතියි.

ඔහුට ඒක අයිතියි. ඔහු නියමයි.

- මම මෙතන නෑ ඔහු නැත්තම්.
- ඇත්තට?

 

ඇයි හැමවෙලාවෙම පුදුම වෙන්නෙ?

 

අපිද අන්තිම?

 

කෝ ජෝර්ජ්?

 

ඔයාට කොහොමද, ජෝර්ජි?

 

මුනි වරයෙක් වගේ.

 

මොකක් වගේ?

 

මුනිවරයෙක්. මම සිදුරා.

 

මම සිදුරා.
තේරුණාද?

 

කනට සම්බන්ධ මෙච්චර විහිලු වචන තියෙද්දිත්
ඔයා කියන්නේ සිදුරා කියලද.

ඒක ශෝකජනකයි.

 

මම තාමත් ඔයාට වඩා පෙනුමයි.

 

මෑඩ්-අයි මැරුණා.

 

මන්ඩන්ගස් එක බැල්මක් වොල්ඩමොර්ට් දිහා
බලලා අතුරුදහන් වුනා.

 

කුහරය පැත්තට යමු.

 

මේක මම හිතුවට වඩා බොහොම දුරස් දෙයක්

- හතක්?
- හතක්...? හෝර්ක්‍රක්ස්.

ඒවා ඕනාම තැනක හංගලා තියෙන්න පුලුවන් නේද?

ආත්මය කොටස් හතකට කඩන්න...

- හෝර්ක්‍රක්ස් ඔක්කොම විනාශ කලොත්...
- එකකින් වොල්ඩමොර්ට් විනාශ වෙයි.

 

- හැරී ...
- මාව විශ්වාස කරන්න.

 

- උඹ බොරු කිව්වා.
මට බොරු කිව්වා, ඔලිවැන්ඩර්!

 

කොහෙහරි යනවද?

 

වෙන කවුරුත් මැරෙන්න ඕන නෑ.
මා වෙනුවෙන් එපා.

ඔයා වෙනුවෙන්?

ඔයා හිතන්නේ මෑඩ්-අයි
මැරුනේ ඔයා වෙනුවෙන් කියලද?

හිතන්නේ ජෝර්ජ් ඒ ශාපය ගත්තෙ
ඔයා වෙනුවෙන් කියලද?

 

ඔයා වෙන්න ඇති තෝරාගත් කෙනා, යාළුවා
ඒත් මේක ඊට වඩා බොහොම ලොකු දෙයක්.

හැමවෙලාවෙම ඒකට වඩා ලොකු දෙයක්.

 

- මා එක්ක එන්න.
- හමායිනිව දාල එන්න?

ඔයාට පිස්සුද? ඇය නැතුව අපිට දවස්
දෙකක් වන් ඉන්න බැරිවෙයි.

 

ඇයට කියන්න එපා
මම එහෙම කියපු බව.

 

අනික ඔයාගෙ ඉව තාමත් ඔයාට තියෙනවා,

- විවාහ උත්සවය තියෙනවා...
- මට විවාහ උත්සවය වැඩක් නෑ.

මට සමාවෙන්න, ඒක කාගෙ වුනත් එකයි.
මම අර හෝර්ක්‍රක්ස් හොයන්න පටන් ගන්න ඕනා.

ඒවා තමා අපිට තියෙන එකම
අවස්ථාව ඔහුව පරද්දන්න කරන්න.

අපි මෙහෙ ඉන්න කාලය යන
තරමට ඔහු ශක්තිමත් වෙනවා.

 

අද රෑ ඒ දවස නෙවේ යාලුවා.

ඔයා ඔහුට උදව්වක් කරනවා විතරයි.

 

ඔයා හිතනවද ඔහු දන්නවා කියලා?

 

මම කියන්නේ ඔහුගේ ආත්මයේ කෑලි,
මේ හෝර්ක්‍රක්ස් ගැන. ඔහුගේ කෑලි.

 

ඩම්බල්ඩෝර් මුද්ද විනාශ කරපුවහම සහ
ඔයා ටොම් රිඩ්ල් ගේ දිනපොත විනාශ කරපුවහම...

 

...ඔහුට දෙයක් දැනෙන්න ඇති නේ?

 

අනික් හෝර්ක්‍රක්ස් විනාශ කරන්න නම්,
අපිට ඒවා හොයාගන්න වෙනවා.

ඒවා කොහෙද?

 

අපි කොහෙන්ද පටන් ගන්නෙ?

 

ඩම්බල්ඩෝර් ගේ අඳුරු රහස් එළිවෙයි
රීටා ස්කීටර් නව පොතක් නිකුත් කරයි.

 

ඩම්බල්ඩෝර් මතකයන්,
එල්පියාස් ඩෝජ් විසින්.

 

මේ සිප් එක දානවද?

 

මේක මෝඩකමක් නේද?
විවාහ උත්සවය.

 

මේ වෙන දේවල් එක්ක.

 

සමහරවිට ඒකම වෙන්න ඇති
ඒක තියන්න හේතුවත්...

 

...මේ දෙවල් වෙන විටදි පවා.

 

සුබ උදෑසනක්.

 

හැමෝම එක පාරට!

එකයි! දෙකයි! තුනයි!

 

කොහොමද ඔය පැත්ත?

 

නියමයි.

 

මායා ඇමතිතුමා මෙහෙ
මොකක්ද කරන්නේ?

 

මොකක් නිසාද අපිට මේ ගෞරවය
ලැබෙන්නේ ඇමතිතුමා?

මම හිතන්නේ අපි දෙන්නම
ඒකට උත්තරය දන්නවා, මිස්ටර් පෝටර්.

 

මේක.....?

 

මෙහි සටහන්ව ඇත්තේ...

 

...ඇල්බස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන්
ඩම්බල්ඩෝර් ගේ අවසන් කැමති පත්‍රයයි.

මුලින්ම රොනල්ඩ් බිලියස් වීස්ලි ට...

...මම මගේ ඩිලුමිනේටර් එක දෙනවා.

මා විසින් නිපැයු උපකරණයක්.

...දේවල් ගොඩක් අඳුරු වුනහම...

 

...එය ඔබට ආලෝකය පෙන්නාවී
යන බලාපොරොත්තුවෙන්.

 

- ඩම්බල්ඩෝර් මේක මට තියල ගියාද?
- ඔව්.

 

නියමයි

 

මේක මොකක්ද?

 

පුඃ

 

හමායිනි ජීන් ග්‍රේන්ජර් ට...

..."බීඩ්ල් බාර්ඩ් ගේ කතන්දරය"
පොතේ මගේ කොපිය වෙන්කරමි...

...ඇය එහි උපදෙස් හා විනෝදබව
සොයාගනු ඇතැයි බලාපොරොත්තුවෙන්.

 

අම්මා ඕක මට කියවලා තියෙනවා.

 

"මායාකාරයා හා දරුණු පෝච්චිය"

"බැබිටි රැබිටි හා කෑගහන කණුව"

 

අයියෝ, බැබිටි රැබිටි.

දන්නෙ නෑ.

"හැරී ජේම්ස් පෝටර් වෙතට...

 

...හොග්වර්ට්ස් වල ඔහුගේ පළමු ක්විඩිට්ච් තරඟයේදී
අල්ලාගත් ස්නිච් බෝලය වෙන්කරමි.

...උත්සාහයේ හා දක්ෂතා වල ප්‍රතිඵල...

 

...මතක් කිරීමක් වශයෙන්."

 

- එතකොට එච්චරද?
- ඉවරම නෑ.

ඩම්බල්ඩෝර් ඔයාට තියලා ගියා
දෙවෙනි උරුමයක්.

ගොඩ්‍රික් ග්‍රිෆින්ඩෝර් ගේ කඩුව.

 

අවාසනාවකට ග්‍රිෆින්ඩෝර් ගේ කඩුව
ඩම්බල්ඩෝර් ට දෙන්න පුලුවන් දෙයක් නෙවේ.

බොහොම වැදගත් ඓතිහාසික
මෙවලමක් විදියට ඒක අයිති...

හැරී ට.

 

ඒක අයිති හැරී ට.

ඒක ඔහු අතට ආවා රහස් කුටියේදී
ඔහුට අවශ්‍යම වෙච්ච වෙලාවේ.

කඩුව ඕනෑම යෝග්‍ය ග්‍රිෆින්ඩෝර්
කෙනෙක් අතට යනවා, ග්‍රේන්ජර්...

...ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ
ඒක මායාකරුවගෙ දේපලක් බව.

 

අවාසනාවකට කඩුව දැන්
තිබෙන ස්ථානය දන්නෙ නෑ.

- මොකක්ද?
- කඩුව අතුරුදහන් වෙලා.

 

මම දන්නෙ නෑ ඔයා මක් කරන්න
යනවද කියලා, මිස්ටර් පෝටර්...

...ඒත් ඔයාට මේ සටන
තනියම කරන්න බෑ,

ඔහු බොහොම බලසම්පන්නයි.

 

හෙලෝ, හැරී.

 

මම ගැඹුරු කල්පනාවකට බාධා කළා නේද?
මට පේනවා ඒක ඔයාගේ ඇස්වල පේනවා.

අපෝ නෑ.
කොහොමද ඔයාට, ලූනා?

බොහොම හොඳයි, පොඩ්ඩ වෙලාවකට
කලින් "ග්නෝම්" සතෙක් මාව හැපුවා...

"ග්නෝම්" කෙළ බොහොම හිතකරයි.

ක්සෙනෝපීලියස් ලව්ගුඩ්.
අපි කඳු වලට එහා පැත්තෙ ඉන්නෙ.

හඳුනාගැනීම සතුටක්, සර්.

මම හිතනවා ඔයා දන්න බව පෝටර්...

ඔය "ඩේලි ප්‍රොපට්" එකේ උන් වගේ නෙවෙයි,
"ක්විබ්ලර්" එකේ අපි ඩම්බල්ඩෝර් ට...

...සම්පූර්ණ සහයෝගය දුන්නා වගේම
අපි ඔබටත් සහයෝගය දෙනවා.

ස්තූතියි.

එන්න තාත්තා. හැරී ට මේ වෙලාවෙ
අපිත් එක්ක කතාකරන්න අවශ්‍ය නෑ.

ඔහු ඒක නොකියන්නෙ විනීතකම නිසා.

හැරී පෝටර්.

 

සමාවෙන්න,
මම ඉඳගන්නද?

අනිවාර්යයෙන්ම.
මෙතන ඉඳගන්න.

ස්තූතියි.

 

මම දැක්කා ඔයා "ඩේලි ප්‍රොපට්"
එකට ලියපු එක.

 

ඔයා අනිවාර්යයෙන්ම ඩම්බල්ඩෝර් ව
හොදින් දන්නවා.

හොඳයි, පැහැදිලිවම ඔහුව වැඩිම
කාලයක් දන්න කෙනා.

අපි ඔහුගේ සහෝදරයාව
ගණන් නොගෙන ගත්තොත්.....

...කොහොමත් මිනිස්සු ඇබෙර්ෆොර්ත් ව
නොසලකා හැරලා තියෙන්නෙ.

- මම දන්නෙත් නෑ ඔහුට
සහෝදරයෙක් හිටපු බව.
- ඇබෙර්ෆොර්ත්.

ඔහු කොහොමත් බොහොම පෞද්ගලික
චරිතයක් පොඩි කාලෙ ඉඳන්ම.

එහෙමම කියන්න එපා, එල්පියාස්.

මට ආරංචියි රීටා ස්කීටර්
ඔහුව මුළුමනින්ම එළිදරව් කරලා කියලා...

...අඩු නැතුව පිටු 800 ක් පුරාවට.

 

කතාව තියෙන්නෙ කෙනෙක්
ඇය සමඟ කතා කළා කියලා.

ඩම්බල්ඩෝර් පවුල හොඳටම දන්න කෙනෙක්.

අපි දෙන්නම දන්නවානේ
ඒ කවුද කියලා, එල්පියාස්.

භයානක පාවාදීමක්.

 

කා ගැනද අපි කතාකරන්නේ?

 

බැතිල්ඩා බෑග්ෂොට්.

 

- කවුරු?
- අනේ දෙවියනී, ළමයෝ...

ඇය තමා අවසන් ශතවර්ශයේ
ප්‍රසිද්ධම මායා ඉතිහාසඥයා!

 

ඇය කාටත් වඩා
ඩම්බල්ඩෝර් ට ලංවෙලා හිටියා.

අනිවාර්යයෙන්ම රීටා ස්කීටර් හිතන්න ඇති
ගොඩ්‍රික්ස් නිම්නයට යන එක වටින බව...

...මහළු කුරුල්ලගේ කූඩුවට
හොරෙන් ඇතුල් වෙන්න.

ගොඩ්‍රික්ස් නිම්නය?

බැතිල්ඩා බෑග්ෂොට් ජීවත් වෙන්නෙ
ගොඩ්‍රික්ස් නිම්නයේද?

එහෙදි තමා ඇයට මුලින්ම
ඩම්බල්ඩෝර් ව හම්බවෙන්නෙ.

ඔයා කියන්නෙ ඔහුත් එහෙ උන්නු බවද?

ඔහුගේ පවුල එහෙට පදිංචියට ගියා, එයාගේ තාත්තා
අර "මගල්" ලා තුන් දෙනාව මැරුවට පස්සෙ..

ඒක බොහොම අපකීර්තියක් වුනා.

ඇත්තටම ළමයෝ, ඔයාට විශ්වාසද ඔයා
ඔහු ගැන දැනගෙන හිටපු බව?

 

මායා අමාත්‍යාංශය බිඳ වැටේ.

 

මායා ඇමති මියයයි.

 

ඔවුන් එනවා.

ඔවුන් එනවා.

 

ඔවුන් එනවා.

ඔවුන් එනවා.

 

ඔබ හමුවීම සතුටක්,
පෝටර්.

 

- ජිනී!
- හැරී! යන්න!

යන්න!

 

මාර්ග සංචාරය විනාඩි 15 න් පටන් ගන්නවා.

 

- අපි කොහෙද ඉන්නේ?
- ෂැෆ්ටෙස්බරි මාවතේ.

මම අම්මයි තාත්තයි එක්ක
මෙහෙට ඇවිත් තියෙනවා.

මම දන්නෙ නෑ ඇයි මම ඒක හිතුවෙ කියලා
ඒක මගෙ ඔලුවට නිකන්ම ආවා.

මේ පැත්තෙන්.

 

අපි ඇඳුම් මාරු කරගන්න ඕනා.

 

කොහොමද ඔය...?

ආවරණ මන්තරය.

ඔයා මරුනේ.

ඔයා ඉතින් හැමවෙලාවෙම පුදුම වෙච්ච ගමන්.

 

අහ් මේ පොත් වෙන්න ඕනා.

 

විවාහ උත්සවයේ හිටපු මිනිස්සුන්ට
මොකෝ වෙන්නෙ?

- අපි ආපහු යමුද?
- උන් හොයන්නෙ ඔයාව.

අපි ආපහු ගියොත් ඔක්කොවන්ලම
අමාරුවෙ වැටෙනවා

 

රොන් හරි.

කෝපි?

 

- කරුණාකරලා කැපුච්චීනෝ එකක්.
- ඔයාට?

 

- ඇය කියපු එකම.
- එකම දේ.

 

දැන් අපි කොහෙටද යන්නේ?
ලීකි ක්වුල්ඩ්‍රන්?

ඒක බොහොම භයානකයි.

 

වොල්ඩමොර්ට් අමාත්‍යාංශය අල්ලගෙනනම්
පරණ තැන් එකක්වත් ආරක්ෂිත නෑ.

විවාහ උත්සවයේ උන්නු
හැමෝම හැංගිලා ඇති.

මගේ ආම්පන්න තිබ්බ බෑග්
එක මම දාලා ඇවිල්ලා.

 

ඔයා විහිළු කරනවා.

 

මම අවශ්‍ය කරන දේවල් ඔක්කොම
පැක් කළා හදිස්සියක් වුනොත් කියලා.

කොහොමවුනත් මේ කලිසම්
මම කැමති දේවල් නෙවේ.

 

පහත් වෙන්න!

 

ස්ටුපිෆයි!

 

එක්ස්පල්සෝ!

 

පෙට්‍රිෆිකස් ටොටාලස්.

 

යන්න!

එලියට යන්න!

 

දොර වහන්න.
අලෝකය ගන්න.

 

මෙයාගෙ නම රොව්ලි.

 

මෙයා හිටියා ස්නේප් එක්ක
ඩම්බල්ඩෝර් ව මරපු කුළුනේ.

 

මේ ඩොලොහව්. මම මූව දැක්කා
අපරාධකාරයන්ගේ පෝස්ටර් වල.

 

ඉතින් අපි මොනාද උඹට කරන්නේ, ආ?

 

අපිව මරන්න හැදුවා නේ?

අපි මුන්ව මැරුවොත්
ඔවුන් දැනගන්නවා අපි මෙහෙ බව.

රොන්.

මෑඩ්-අයි ට කරපු දේ දැනෙන්නෙ කොහොමද?

 

අපි මුන්ගෙ මතකයන් ගම්මු.

 

ඔයයි ලොක්කා.

හමායිනි...

 

...ඔයයි මන්ත්‍රවලට දක්ෂ.

 

ඔබ්ලිවියේට්.

 

කොහොමද උන් අපිව හොයා ගත්තේ?

සමහර විට ඔයාගේ පාර හිටින්න ඇති

වෙන්න බෑ. 17 පැනපු කෙනෙක්ගෙ
ඉව හිටින්නෙ නැහැ. ඒකයි නීතිය.

 

මොකක්ද?

 

අපිට අමතක වුනා සමරන්න
ඔයාගේ උපන්දිනය, හැරී.

ජිනී යි මමයි කේක් එකක් හැදුවා.

අපි ලෑස්ති වෙලා උන්නෙ
වෙඩින් එක මැද්දි ගේන්න.

මම අවංකවම අගය කරනවා ඔයාගේ අදහස ඒත්...

...විනාඩි ගාණකට කලින් අපිව
මරන්න හදපු එක හිතනකොට, එපා.

 

හොඳයි.

 

අනුකූලයි

පාරෙන් ඈත ආරක්ෂිත තැනකට යමු.

 

ඒ මොකක්ද ඒ?

 

සමහරවිට මෑඩ්-අයි ගේ අදහසක් වෙන්න ඇති.

 

හොමේනම් රෙවෙලියො.

 

අපි විතරයි ඉන්නෙ.

 

මම හිතනවා වෙන යෂ්ටියකින්...

- උඹ බොරු කිව්වා.
- ඒකෙ කිසිම තේරුමක් නෑ.

 

මම හිතනවා වෙන යෂ්ටියකුත් වැඩ කරයි කියලා.
මම දිවුරනවා

 

තව විදියක් ඇති.

 

හැරී? හමායිනි?, ඔයාල කොහෙද?

මට දෙයක් හම්බවුනා.

 

නියමයි.

 

"රෙගියුලස් ආර්ක්ච්යුරස් බ්ලැක්"

ආර් - ඒ - බී.

 

"ඔයාලා මේක කියවන්න කලින් මම මැරිලා ඉඳියි.

මම ඇත්ත හෝර්ක්‍රක්ස් එක හොරකම් කළා
ඒක විනාශ කරන්න හිතාගෙන.

ආර් - ඒ - බී. කියන්නෙ සීරියස් බ්ලැක් ගේ සහෝදරයා.

ඔව්.

 

ප්‍රශ්නය තියෙන්නෙ
ඔහු ඇත්තටම ඒක විනාශ කළාද?

 

උඹ අපි ගැන ඔත්තු බලනවා නේද?

ක්‍රීචර් බලාගෙන හිටියේ.

සමහර විට මෙයා දන්නවා
ඇති ඇත්ත එක කෝ කියලා.

 

මේක මීට කලින් දැකලා තියෙනවද?

ක්‍රීචර්?

 

ඕක මාස්ටර් රෙගියුලස් ගේ ලොකට් එක.

ඒත් දෙකක් තිබ්බා නේද?

 

කොහෙද අනික් එක?

 

ක්‍රීචර් දන්නේ නෑ අනික් එක කොහෙද කියලා.

ඔව්, ඒත් කවදාවත් දැකලා තියෙනවද?
ඒක මේ ගෙදර තිබ්බේ.

ජරා මඩ ලේ

- මිනී කන්නො එනවා...
- රොන්.

- ලේ ද්‍රෝහියා, වීස්ලි.
- ඇයට උත්තර දෙනවා.

 

ඔව්.

 

මෙහෙ තමා තිබුනේ.

 

මහා යක්ෂ වස්තුව.

ඒ කිව්වෙ?

 

මාස්ටර් රෙගියුලස් මැරෙන්න කලින්, ඔහු ක්‍රීචර් ට
නියෝග කලා ලොකට් එක විනාශ කරන්න කියලා

... ඒත් කොච්චර උත්සහ කළත්
ක්‍රීචර් ට කරගන්න බැරිවුනා.

හොඳයි, දැන් කොහෙද ඒක?

 

- කවුරුහරි ඒක ගත්තද?
- ඔහු ආවේ රෑක.

ඔහු ගොඩක් දේවල් ගත්තා
ලොකට් එකත් ඇතුලුව.

කවුද?

 

කවුද ඒ ක්‍රීචර්?

 

මන්ඩන්ගස්.

මන්ඩන්ගස් ෆ්ලෙට්චර්.

 

ඔහුව හොයන්න.

 

මගේ තාත්තා මේ ගැන අහයි.

 

ඒයි මෝඩයිනී,

 

ඔහු මෙහෙ නෑ.

 

ඔබගේ නව මායා ඇමති වශයෙන්...

...මෙම සාධාරණත්වයේ දෙවොල නැවත...

...එහි පැරණි මහිමයට පමුණුවන
බවට මම පොරොන්දු වෙනවා.

 

මායාව යනු ශක්තියයි.
- එමනිසා අද සිට...

 

...හැම සේවකයෙක්ම තමුන් විසින්ම
ඇගැයීමකට සහභාගී විය යුතුයි.

 

ඒත් මේක දැනගන්න,
ඔබට බය වීමට අවශ්‍යතාවයක් නෑ...

 

...ඔබට සැඟවීමට දෙයක් නැතිනම්.

 

- කොච්චරද?
- ගැලියන්ස් දෙකයි.

කාලය කියන්නෙ මුදල් යාළුවා.

- ස්නැචර්ස්!
- පාරෙන් අයින් වෙනවා.

 

- මම කිව්වා.
- අහකට වෙනවා.

අල්ලනවා ඔහුව.

 

ටිකක් මෘදු වෙන්න.

 

ඒවට මාංශමය මතකයන් තියෙනවා.

 

ස්ක්‍රිම්ගියොර් මුලින්ම ඕක ඔයාට දෙද්දි,
මම හිතුවා ඔයා අල්ලද්දි ඕක විවෘත වෙයි කියලා.

 

ඩම්බල්ඩෝර් ඇතුලේ මොනාහරි
හංගලා ඇතියි කියලා.

 

අහකට වෙනවා.

හැරී පෝටර්, කාලෙකට පස්සෙ.

අහකට වෙනවා.

 

ඉල්ලපු විදියටම,
ක්‍රීචර් ආවෙ හොරාව අරගෙන...

- එක්ස්පෙලියාමස්.
- ...මන්ඩන්ගස් ෆ්ලෙට්චර්.

මොනාද උඹලා කරන්නේ?
එල්ෆ් ලා දෙන්නෙක්ව මගෙ පස්සෙන් එව්වේ?

ඩොබී හැදුවෙ උදව් කරන්න විතරයි.

ඩොබී දැක්කා ක්‍රීචර් ව ඩයගෝන් ඇලී වලදී,
ඩොබී කුතුහලයෙන් ඉද්දී...

...ඩොබී ට ඇහුනා...
ක්‍රීචර් කියනවා හැරී පෝටර් ගේ නම.

- මම නිකම්...
- ඊලඟට ඩොබී දැක්කා ක්‍රීචර්...

- ...හොර මන්ඩන්ගස් එක්ක කතාකරනවා.
- මම හොරෙක් නෙවෙයි!

උඹ වගේ පොඩි පිළිකුල්...

...මම පුදුම හිතෙන භාණ්ඩ සපයන්නෙක්.

ඔයා හොරෙක්, හැමෝම ඒක දන්නවා.

මාස්ටර් වීස්ලි,
දකින්න ලැබීමත් සතුටක්.

නියම සපත්තු.

 

අහන්න. මම එදා කලබල
වෙලා උන්නේ හරි?

 

මෑඩ්-අයි කොස්සෙන් වැටුනම
මට උදව් කරන්න පුළුවන්ද?

 

- උඹ...
- ඇත්ත කියනවා.

ඔයා මෙතන අවුස්සනකොට,
ඒක නෑ කියන්න එපා,...

...ඔයාට ලොකට් එකක් හම්බවුනා නේද?

ඇයි? ඒක වටිනවද?

කෝ ඒක?

නැහැ, ඔහු දුක්වෙනවා.
ඒකට සල්ලි හම්බවුනේ අඩුවෙන් නිසා.

ඒක නිකන්ම දීලා නේද මම?

 

මම බඩු විකුණ විකුණ ඉන්නකොට...

...අමාත්‍යාංශයේ මැහැල්ලක්
ඇවිත් මගෙ බලපත්‍ර ඉල්ලුවා.

ඇය මාව හිර කරනවා කිව්වා.

ඇය එහෙම කරනවා අර ලොකට්
එකට කැමති නොවෙන්න.

- කවුද ඇය? මායාකාරිය, ඇයව දන්නවද?
- නෑ, මම....

 

ඔහ්! මෙන්න ඉන්නවා.
බලන්න.

 

ඔය ඉන්නෙ මැහැල්ල.

 

හරි, මතක තියාගන්න
අපි කතාකරගත්තු දේවල්.

අත්‍යාවශ්‍ය කාරණයකට හැරෙන්න,
කා එක්ක වත් කතා කරන්න එපා.

සාමාන්‍ය විදියට ඉන්න බලන්න.
අනික් අය කරන දේවල් කරන්න.

ඒවත් එක්ක පොඩි වාසනාවක් තිබ්බොත්
අපිට ඇතුලට ගියහැකි.

- ඊලඟට...
- බොහොම පරිස්සමින් වැඩකරන්න ඕනා.

- හරි.
- ඔව්.

- මේක සම්පූර්ණ පිස්සුවක්.
- "සම්පූර්ණයෙන්ම"

ලෝකයම පිස්සුවක්

එන්න...

 

...අපිට හෝර්ක්‍රක්ස් එකක් හොයන්න තියෙනවා.

 

අපි වතුර ගහගන්න ඕනා.

 

මේක මහ ජරාවක් නේ.

 

නම?

 

උඹ, එනවා යන්න

- මොකද?
- එන්න.

- ඇයි මම මොකක්ද කළේ?
- දිගටම ඇවිදිමු.

 

- අර ඉන්නේ?
- මගල්ස්ලා.

ඔවුන්ගේ...නියම ස්ථානයේ.

 

මම කියන්නේ දැනටම මේක
වෙනස් වෙන්න අරගෙන වගේ.

 

ඔයා කිව්වෙ කොච්චර වෙලාවක්
මේ පොලිජූස් ද්‍රාවණය රැඳෙනවා කියලද, හමායිනි?

 

මම කිව්වෙ නෑ.

 

කැටර්මෝල්.

 

මගෙ කාර්යයාලය තාම තෙමෙනවා
දැන් දවස් දෙකක් වෙනවා.

 

කුඩයක් අරගෙන ඉඳලා බැලුවෙ නැද්ද?

 

ඔයා දන්නවා නේද මම පහල
තට්ටුවට යන බව, කැටර්මෝල්?

 

- පහල තට්ටුවට?
- ඔයාගෙ බිරිඳව ප්‍රශ්න කරන්න.

 

දැන් හිතන්න මගේ බිරිඳගේ ලේ
ගැන ප්‍රශ්නයක් තියෙද්දී...

...නීති දෙපාර්තමේන්තුවේ ලොක්කට
වැඩක් කරලා දෙන්න තියෙනවනම්...

...මම හිතන්නේ මම ඒකටයි
මුල් තැන දෙන්නේ.

 

ඔයාට පැයක් දෙනවා.

 

මගේ දෙවියනී, මම මොකක්ද කරන්නේ?
මගේ බිරිඳ පහල තනියම.

- රොන්, ඔයාට බිරිඳක් නෑ.
- ඔහ්, හරි නේන්නම්.

දෙවෙනි තට්ටුව.

 

මම කොහොමද වැස්ස නවත්වන්නෙ?

ෆිනීටෙ ඉන්කටාටෙම් බලන්න

 

මේ ඔයාගෙ තැන, රොන්.

 

ෆිනීටෙ ඉන්කටාටෙම්. හොඳයි.
ඒක වැඩ නොකලොත්?

 

පැයක් ඇතුලත අම්බ්‍රිඩ්ජ් ව
හොයාගන්න බැරිවුනොත්...

...අපි රොන්ව හොයාගෙන ගිහින්
වෙන දවසක ආපහු එමු.

- එකඟද?
- ඔව්.

 

අහ්, මෆල්ඩා
ඔයාව එව්වේ ට්‍රේවර් නේද?

හොඳයි.
අපි කෙලින්ම පහලට යමු.

 

ඇල්බර්ට්, ඔයා එලියට යන්නෙ නැද්ද?

 

ඇකියෝ ලොකට්.

 

හොඳයි, හොඳයි,
සංසුන් වෙන්න.

 

ආපහු වැඩ කරමු, කරුණාකරලා.

 

සංසුන් වෙන්න.

 

රන්කෝර්න්.

 

සුබ උදෑසනක්

 

රොන්, මේ මම.

හැරී.
ආහ්! මට අමතක වුණා ඔයාගෙ පෙනුම.

කෝ හමායිනි?

ඇය නඩු ශාලාවට ගියා, අම්බ්‍රිඩ්ජ් එක්ක.

 

මෙහෙ සීතයි නේද?

මම බාග ලේ. මගේ තාත්තා මායාකරුවෙක්.

විලියම් හෝඩර්ටන්
ඔහු අවුරුදු 30ක් වැඩ කළා.

සමහර විට ඔයාලා දන්නවා ඇති. ඔහු හැමවෙලාවෙම
ජැකට් එකක් අනික් පැත්තට දාගෙන උන්නෙ.

නැහැ, මේක වැරදීමක්.
මම බාග-ලේ.

අපි ආපහු යන්න ඕනා. මම බාග-ලේ

 

- මේරි එලිසබෙත් කැටර්මෝල්?
- ඔව්.

අංක 27, චිස්ල්හර්ට්ස් ගාඩන්ස්,
ග්‍රේට් ටොලින්ග්, එවාෂම් වල?

- ඔව්.
- ඒක මෙහෙ.

මේසි, එලී සහ ඇල්ෆ්‍රඩ් ගේ මව
රෙජිනල්ඩ් ගේ බිරිඳ?

 

රෙජී?

 

ස්තූතියි, ඇල්බර්ට්.

 

මේරි එලිසබෙත් කැටර්මෝල්?

 

ඔව්.

 

අද උදේ ඔයා අමාත්‍යාංශයට එනකොට
ඔයාගෙන් ගත්තේ...

...මේ යෂ්ටියද, කැටර්මෝල්?

 

කරුණාකරලා අධිකරණයට කියනවද
කාගෙන්ද මේක හොරකම් කළේ කියලා?

කාගෙන්වත් නෙවෙයි.

 

මම ඕක මිලට ගත්තේ ඩයගෝන් ඇලී වල,
ඔලිවැන්ඩර් ගෙ කඩෙන් මට වයස 11 දී.

 

යෂ්ටියයි මාව තෝරගත්තේ.

 

ඔයා බොරු කියන්නේ.

යෂ්ටි තෝරාගන්නේ මන්ත්‍රකරුවන්ව විතරයි.
ඔයා මන්ත්‍රකරුවෙක් නෙවෙයි.

ඒත් මම එහෙමයි.

ඔවුන්ට කියන්න, රෙජ්, කියන්න ඔවුන්ට.

 

මොන මඟුලක්ද කරන්නේ, ඇල්බර්ට්?

 

ඔයා බොරු කියන්නේ, ඩොලෝර්ස්.

 

කෙනෙක් බොරු කියන්න හොඳ නෑ.

 

ස්ටුපිෆයි!

 

ඒ හැරී පෝටර්!

ඒ ඔහු. ළමයින්ට කිව්වට කමක් නෑ.

 

එක්ස්පෙක්ටෝ පෙට්‍රොනාම්!

 

මේරි.
ගෙදර යන්න.

 

ළමයින්ව ගන්න.

මම එහෙදි හම්බවෙන්නම්.
අපි රට දාලා යන්න ඕනා, තේරුණාද?

මේරි, මම කියපු විදියට කරන්න.

 

මේරි?

 

ඔය කවුද?

 

දිග කතාවක්...
හමුවීම සතුටක්.

ඒ හැරී පෝටර්.

 

ඒ හැරී. හැරී පෝටර්.

- අන්න ඉන්නවා.
- අල්ල ගන්නවා!

 

මේ පැත්තෙන්!

 

එක්ස්පෙලියාමස්!

 

ඔහ්, මගෙ දෙවියනී.

 

හැරී. හැරී,
ඉක්මනට මගේ බෑග් එක ගන්න.

බෝතලයක් ඇති
ඩිටිනි තෙල් කියලා.

 

ඉක්මනට!

 

- ඇකියෝ ඩිටිනි!
- ෂ්ෂ්ෂ්.

මුඩිය අරින්න.

හමායිනි, ඔහුගේ අත.

මම දන්නවා.
ඕක කරන්න.

 

ඔහොම ඉන්න.

 

- ඒක ටිකක් දන්න ගනී.
- මොකද වුනේ? මම හිතුවෙ අපි ආපහු...

- ...ග්‍රිමල්ඩ් වලට යනවා කියලයි.
- අපි යමින් තමා උන්නේ...

හොඳයි, තව එකයි, තව එකයි.

අපි ගියා ඒත් යැක්ස්ලේ
මාව අල්ලගත්ත නිසා...

...ඔහු දැක්කා අපි යන තැන.
එතකොට අපිට එහෙ ඉන්න බැරි නිසා...

...මම අපිව මෙහෙට ගෙනාවා.

ඒත් අතුරුදහන් වෙද්දි
රොන්ට තුවාල වුනා.

 

දැන් හොඳයි.

 

ප්‍රොටේගෝ ටොටාලම්.

 

සැල්වියෝ හෙක්සියා.

මොකක්ද කරන්නේ?

ආරක්ෂිත ජප කිරීම්.

ෂාෆ්ට්ස්බරි පාරෙදි වෙච්ච දේවල් ආපහු
නොවෙන්න මොනාහරි දෙයක් කරන්න ඕනා.

ඔයාට පුලුවන් කූඩාරමක් ගහන්න.

 

- කූඩාරමක්?
- ප්‍රොටේගෝ ටොටාලම්.

මම කොහෙන්ද කූඩාරමක් හොයන්නේ?

රෙපෙල්ලෝ මගල්ටම්. මෆ්ලියාටෝ.

 

ඔයා මුලින්.

 

ඩිසෙන්ඩියම්.

 

ඉන්සෙන්ඩියෝ.

 

එක්ස්පල්සෝ.

 

ඩිෆින්ඩෝ.

 

රිඩක්ටෝ.

 

මොකක්ද ඔය කරන්නේ?

 

අපි ඒක ආරක්ෂිතව තියාගන්න ඕනා,
අපි ඒක විනාශ කරන විදියක් හොයාගන්නකම්.

පුදුමයි, යාලුවා...

 

...ඩම්බල්ඩෝර් ඔයාව ඔය හෝර්ක්‍රක්ස් හොයන්න යැව්වට
විනාශ කරන හැටි නොකියපු එක.

ඒක ඔයාට ප්‍රශ්නයක් නෙවේද?

 

ඔයා දන්නවා මන්ත්‍රය, හැරී.

 

මට කියන්න

 

මට කියන්න, ග්‍රේගරොවිට්ච්.

ඒක මගෙන් හොරකම් කළා.

ඔහු කවුද?
හොරා කවුද?

 

කොල්ලෙක්.
ඔහු තමා ඒක ගත්තේ.

මම ඊට පස්සෙ ඒක දැක්කෙ නෑ.

මම දිවුරනවා මගෙ ජීවිතය පල්ලා.

 

මම විශ්වාස කරනවා.

 

අවාඩා කෙඩව්රා!

 

මම හිතුවා ඒක
නවතින්න ඇති කියලා.

 

ඔයාට ඒක තියාගෙන
ඉන්න බැහැ, හැරී.

 

ඔයා-දන්න-කෙනාට ග්‍රේගරොවිට්ච් ව හම්බවෙලා

යෂ්ටි සාදන්නාව?

ග්‍රේගරොවිට්ච් ගාව තිබ්බ දෙයක්
ඔහුට ඕනා වෙලා...

...ඒත් මම දන්න නෑ ඒ මොකක්ද කියලා.

ඒත් ඔහුට ඒක බලවත් ලෙස උවමනායි.
හරියට ඔහුගේ ජීවිතය ඒ මත රැඳෙනවා වගේ.

 

එපා.

- ඒක ඔහුට සැනසීමක් දෙනවා.
- මට ඒක අපහසුවක්.

ඔහු මොනාද අහන්න
බලාපොරොත්තු වෙන්නෙ? සුබ ආරංචියක්ද?

--කවුද ඒක බලාපොරොත්තු වුනේ.
අමාත්‍යාංශ්යේ වැටීම නොසිතූ දෙයක්.

හිතමු ඔහුට නරක ආරංචි අහන්න
නොලැබෙන්න බලාපොරොත්තු වෙනවා කියලා.

අපි ඔබගේ ඇස් හා කන් වන බවට
අපි පොරොන්දු වෙමු.

ඔහුට යන්න පුලුවන් වෙන්න
කොච්චර කල් යයිද?

හැකි සෑම විටම ප්‍රවෘත්ති ගෙන එන්නෙමු

මම පුලුවන් උපරිමය කරනවා.

ඔයා කරනවා මදි.

 

ඕක ගලවන්න!

 

මම කිව්වෙ,
ඕක ගලවන්න දැන්ම!

 

- හොඳද?
- ඔව්.

 

අපි මාරුවෙන් මාරුවට
තියාගම්මු, හරිනේ?

 

දැන් තවත් ප්‍රවෘත්ති:

හොග්වර්ට්ස් හි නව විදුහල්පති
වන සෙවරස් ස්නේප්...

...සියළු සිසුන්ට අලුත් නීති
මාලාව හඳුන්වා දී තිබෙනවා.

 

මොකක්ද ඒ?

 

මොකක්ද ඒ සුවඳ?

 

- මොකක්ද ඒ කරේ?
- ඒක බරයි.

ඔහ් සමාවෙන්න. මම උස්සන් යන්නද?

- හා. ස්තූතියි.
- පිස්සු නැතුව උස්සලා ගන්නවා.

 

ස්නැචර්ස්.

 

ඔයාගේ ආරක්ෂිත්‍ර මන්ත්‍ර වැඩකරන
බව දැනගන්න ලැබීමත් සතුටක්.

 

ඔහුට දැනුනා මගෙ
සුවඳ විලවුන් වල සුවඳ.

 

මම කලින් කිව්වා...

...අතුරුදහන් වෙලා යන්න
තරම් රොන්ට සුවයක් නෑ.

එහෙනම් අපි පයින් යමු.

 

ඊලඟ පාර මම කැමතියි කිව්වත්,
සුවඳ විලවුන් පාවිච්චි කරන්න එපා.

 

දැන් අතුරුදහන් වූ මායාකරුවන් ලයිස්තුව

 

මෙය ස්ථීර කොට ඇත.

 

සැනසීමකට ලැයිස්තුව කෙටි වී ඇත.

 

ජේසන් සහ ඇලිසන් ඩෙන්බ්‍රිජ්.

 

ඔහ්, ස්තූතියි.

බෙලා, ජේක්, චාර්ලි, සහ මේඩ්ජ් ෆාර්ලි.

ජෝ ලෝව්රි.

 

එලීනර් සාරා ගිබ්ස්.

 

හැරී සහ බ්‍රොන්වින් ට්‍රිග්.

 

රොබ් සහ එලී ඩව්සන්.

 

ජෝර්ජියා ක්ලාර්ක්-ඩේ.

 

ජොෂුවා ෆ්ලෙක්සන්.

ජෝර්ජ් ක්වාටස්.

 

ගේබ්‍රියෙලා සහ එමිලි මෙතර්.

 

ජේකොබ් සහ මිමි එර්ලන්ඩ්.

 

විලියම් සහ බ්‍රයන් ගැලැග්හර්.

ඔහු මොනාද කරන්නෙ කියලා
ඔහු දන්නෙ නෑ නේද?

 

අපි කවුරුවත් දන්නෙත් නෑ.

 

ටොබි සහ ඔලිවියා ග්ලීව්ස්.

 

කේටි සහ ජේම්ස් කිලික්.

එල්සි වැලන්ටයින් ස්ක්‍රොඩර්.

 

ජෙනිෆර් වින්ස්ටන්.

ටැම්සින් සහ ලොලා හිලිකර්.

 

ස්කාර්ලට් සහ කිටී ෂාර්ප්.

 

ඔහ්, මගෙ දෙවියනී!

මොකක්ද?

 

මම විනාඩියෙන් කියන්නම්.

 

දැන් බැරිද කියන්න?

ග්‍රිෆින්ඩෝර් ගේ කඩුව.
ඒක ගොබ්ලින් කෙනෙක් හදපු එකක්.

නියමයි.

 

නැහැ, ඔයාට තේරුණේ නෑ.

කුණු හා දූවිලි වලින්
තලයට කිසිම හානියක් නෑ.

 

ඒක ගන්නෙ ඒකට ශක්තිමත්
වෙන්න අවශ්‍ය දේ විතරයි.

හරි...

හැරී ඔයා හෝර්ක්‍රක්ස් එකක් විනාශ කළා නේ?

ටොම් රිඩ්ල් ගේ දිනපොත
රහස් කුටියෙදී.

ඒ බැසිලික්ස් දළෙන්.
ඔයා කියන්නෙ ඔයාගෙ අර බෑග් එකේ ඒවා...

- ...ඒකක් තියෙනවා කියල වුනත්...
- තේරෙන්නෙ නැද්ද?

රහස් කුටීරයේදී ඔයා බැසිලික්ස් ට
ඇන්නේ ග්‍රිෆින්ඩෝර් කඩුවෙන්.

ඒ තලයේ බැසිලික්ස් විෂ
උරාගෙන තියෙනවා.

ඒක ගන්නෙ
ඒක ශක්තිමත් වන දේ විතරයි.

- හරියටම, එ නිසයි...
- ඒකට පුලුවන් හෝර්ක්‍රක්ස් විනාශ කරන්න.

ඒ නිසයි ඩම්බල්ඩෝර් ඔයාට ඒක තියලා ගියේ
ඔහුගේ අන්තිම කැමති පත්‍රයෙන්.

ඔයා නියමයි, හමායිනි.
ඇත්තෙන්ම.

ඇත්තටම මම තර්කානුකූලව හිතන නිසා,
මම අතීතයේ නොවැදගත් තොරතුරු පේනවා...

...ඒකෙන් මට අනික් අය
නොදකින පැති පේනවා.

ඔව්, ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා.

 

කඩුව හොරකම් කරලා.

 

ඔව්, මම තාමත් ඉන්නවා.

 

ඔයාලා දෙන්න කරගෙන යන්න.
මට ඔයාලගෙ සතුට නැතිකරන්න දෙන්න එපා.

 

- මොකක්ද අවුල?
- අවුල? මුකුත් අවුලක් නෑ.

ඔයා කියන විදියට මම කියන්නෙ.

ඔයාට කියන්න දෙයක් තියෙනවනම්
කෙලින් කියන්න.

හොඳයි, කෙලින් කියන්නම්
හිතන්න එපා මම කුල්මත් වෙලා ඉන්නවා කියලා..

අපිට තව දෙයක් හොයන්න තියෙන නිසා.

මම හිතුවා ඔයා මේකෙ
භයානක කම දන්නවා කියලා.

 

ඔව්, මම එහෙම හිතුවා.

මට සමාවෙන්න
මට හරියටම තේරෙන්නෙ නෑ

මේ කොයි එකද ඔයාගෙ
අපේක්ෂා බිඳ දැම්මෙ කියලා.

ඔයා හිතුවද අපි තරු පහේ
හෝටලයක ඉන්නවා කියලා...

...දවසක් ඇර දවසක් අපිට හෝර්ක්‍රක්ස් හම්බවෙනවා කියලා.
නත්තල වෙද්දි අම්මා ගාවට යනවා කියලා?

මම හිතුවා මේ කාලය පුරාවටම...

...අපි දෙයක් ලබා ගත්තා කියලා.
ඔයා දන්නවා කියලා කරන දේ.

මම හිතුවා ඩම්බල්ඩෝර් ඔයාට
වැදගත් දෙයක් කියලා ඇති කියලා.

- මම හිතුවා ඔයාට සැලසුමක් ඇති කියලා.
- ඩම්බල්ඩෝර් මට කියපු හැමදෙයක්ම මම කිව්වා!

ඔයා දැක්කෙ නැත්තම් අපිට දැනටම
එක හෝර්ක්‍රක්ස් එකක් හම්බවුනා.

ඔව්, අපි ඒක විනාශ කරලා අනික්වා
හොයන්න බොහොම ළඟයි නේද?

රොන්, කරුණාකරලා...

 

ඔය හෝර්ක්‍රක්ස් එක ගලවන්න.
ඔයා ඔහොම කතාකරන්නෙ නෑ...

ඔයා දවස පුරා
ඕක දාගෙන උන්නෙ නැත්තම්

ඔයා දන්නවද මම හැමදාම
රේඩියෝ එක අහන්නෙ ඇයි කියලා?

ඕනා ජිනී ගෙ නමවත් ෆ්‍රෙඩ් ගේ හරි ජෝර්ජ් ගෙ හරි
අම්මලගෙ හරි නම් ඇහෙන්නෙ නැති බව සහතික කරගන්න.

ඔයා හිතන්නෙ මම අහන්නෙ නෑ කියලද?
මේවා මට දැන්නෙ නෑ කියලා හිතුවද?

ඔයා දන්නෙ නෑ ඒ දැනීම!

ඔයාගෙ දෙමව්පියො මැරිලා!
ඔයාට පවුලක් නෑ!

 

- නවත්වන්න! නවත්වන්න!
- හොඳයි, එහෙනම් යනවා!

 

ඉතින් යනවා!

 

හොඳයි.

 

රොන්.

 

එතකොට ඔයා?

 

ඔයා එනවද?
ඔයා ඉන්නවද?

 

හරි, මට තේරුණා.

 

මම දැක්කා එදා රෑ ඔය දෙන්නව.

රොන්...
ඒක නිකන් දෙයක්.

 

රොන්!

 

රොන්, ඔයා කොහෙද යන්නේ?

 

ආපහු එන්න,

 

රොන්.

 

රොන්!

 

සැල්වියෝ හෙක්සියා.

 

රෙපෙලම් මගල්ටම්.

 

සැල්වියෝ හෙක්සියා.

 

හමායිනි.

හමායිනි? ඔයා හරි.

ස්නිච් වලට තියෙන්නෙ මාංශ මතකයන්...

...මම පලවෙනි ස්නිච් එක ඇල්ලුවේ
අතින් නෙවේ. මට ඒක ගිලෙනවා ඒ වෙලාවෙ.

 

- "මම ඇරෙන්නෙ ලං වුනාම."
- මොකක්ද ඒකේ තේරුම?

මම දන්නෙ නෑ.

 

මටත් දෙයක් හම්බවුනා.

 

මුලින් මම හිතුවෙ ඒක ඇහැක් කියලා.
ඒත් දැන් මම හිතනවා ඒක එහෙම නෙවේ කියලා.

ඒක අනුභාවසම්පන්න සලකුනක් නෙවෙයි.
ඒක ස්පෙල්මන්ස් සිලාබරි එකේ කොහෙවත් නෑ.

කවුරු හරි ඒක ඇඳලා.
ඒක පොතේ කොටසක් නෙවෙයි.

ලූනා ගේ තාත්තා ඒක පැලඳගෙන උන්නා
බිල් සහ ෆ්ලියර් ගේ විවාහ මංගල්ලයේදී.

 

ඇයි ඒක ළමා පොතක
කවුරුවත් අඳින්නේ?

 

හමායිනි, මම හිතමින් උන්නේ...

 

මට යන්න ඕනා ගොඩ්‍රික් නිම්නයට

එහෙයි මම ඉපදුනේ,
එහෙයි මගෙ දෙමව්පියො මැරුණේ.

ඒ නිසාමයි ඔවුන් ඔයා එහෙට යයි කියලා
බලාපොරොත්තු වෙන්නෙත්. ඒක ඔයාට වටින තැනක්.

ඒත් ඒක ඔහුටත් වැදගත් තැනක්, හමායිනි.

ඔයා-දන්න-කෙනා
තව ටිකෙන් මැරෙනවා එතනදි.

ඒ වගේ තැනක ඔහු හෝර්ක්‍රක්ස් එකක්
හංගන්න ඉඩතියෙනවා

 

ඒක භයානකයි, හැරී.

 

ඒත් මමත් පිළිගන්නවා මමත්
හිතමින් උන්නෙ එහෙට යන්න.

මම හිතනවා එතන වෙන දෙයක්
හංගලා තියෙන්න පුලුවන් කියලා.

මොකක්ද?

 

කඩුව.

 

ඩම්බල්ඩෝර් ට ඕනා වුනේ අමාත්‍යාංශයට අහු නොවී
ඔයාට හොයාගන්න දෙන්න නම්...

...ඒක හංගන්න හොඳම තැන මොකක්ද
අයිතිකාර ග්‍රිෆින්ඩෝර් ගේ උපන්බිම ඇරුනු කොට.

 

හමායිනි....

 

ආයෙ මට ඔයාගේ කොන්ඩෙ
කපන්න දෙන්න එපා.

 

මම තාමත් හිතනවා අපි පොලිජූස් ද්‍රාවණය
ගත්තනම් හොඳයි කියලා.

එපා.

 

මේ මම ඉපදුනු තැන.

වෙනකෙනෙක් විදියට එන්නෙ නෑ.

 

හැරී, මම හිතන්නෙ
අද නත්තල් සන්ධ්‍යාව.

 

අහන්න.

 

ඔයා හිතනවද ඔවුන් මෙහෙ කියලා, හමායිනි?

මගෙ අම්මයි තාත්තයි.

 

මම හිතනවා.

 

"ඉග්නෝටස් පෙවෙරෙල්."

 

ඒයි, හැරී?

 

සුබ නත්තලක්, හමායිනි.

 

සුබ නත්තලක්, හැරී.

 

හැරී අපි දිහා කවුරුහරි බලන් ඉන්නවා.
පල්ලිය ගාව.

 

මම හිතන්නෙ
මම දන්නවා ඒ කවුද කියලා.

 

මම මේකට කැමති නෑ, හැරී.

හමායිනි, ඇය දන්නවා ඩම්බල්ඩෝර් ව.
ඇය ගාව කඩුව තියෙන්න පුලුවන්.

 

මේ ඔවුන් මැරුණු තැන, හමායිනි.

 

මේ ඔහු ඔවුන්ව මරපු තැන.

 

ඔයා බැතිල්ඩා නේද?

 

දෙන්න මම කරන්නම්.

 

මිස් බෑග්ෂොට්,
මේ කෙනා කවුද?

 

හැරී.

 

ලූමෝස්.

 

හැරී!

 

කොන්ෆ්‍රින්ගෝ!

 

දැන් හොඳද?

 

මේ පාර කොහෙටද ආවෙ,
හමායිනි.

ඩීන් කැලය

 

අම්මයි තාත්තයි එක්ක එක පාරක ආවා.
අවුරුදු ගානකට කලින්.

 

ඒක තිබුනා වගේමයි.

ගස්, ගඟ, හැමදේම.

කිසිම දෙයක් වෙනස් නොවුනා වගේ.

 

එහෙම්ම නෙවෙයි,
හැමදේම දැන් වෙනස්.

 

මම මගේ දෙමව්පියන්ව දැන් මෙහෙට
ගෙනාවොත් ඔවුන්ට අඳුනගන්නත් බැරිවේවි.

 

ගස් වත්, ගඟ වත්...

 

අඩුම ගානේ මාව වත්.

 

සමහරවිට අපි මෙහෙ
නවතින එක හොඳයි, හැරී.

 

වයසට යනකම්.

 

ඡායාරූපයේ උන්නු ළමයව
දැනගන්න ඕන වුනා නේද?

 

මම දන්නවා.

 

ගෙලර්ට් ග්‍රින්ඩල්වල්ඩ්.

 

ග්‍රේගරොවිට්ච් ගේ යෂ්ටි කඩේ ඉන්නව
පෙනුනු හොරා තමා ඒ.

මගෙ යෂ්ටිය කොහෙද?

 

මගෙ යෂ්ටිය කොහෙද හමායිනි?

 

අපි ගොඩ්‍රික් නිම්නයෙන් එලියට එද්දි
මම ශාපයක් කළා. එක පොලා පැන්නා.

 

මට සමාවෙන්න.

 

- මම ඒක හදන්න හැදුවා, ඒත් යෂ්ටි වෙනස්.
- ඒක ඉවරයි.

 

ඔයාගෙ එක මට තියන්න.
ඇතුලට ගිහින් උණුසුම් වෙන්න.

මම ලොකට් එකත් ගන්නම්.

 

මාව විශ්වාස කරන්න.

 

ලූමෝස්.

 

ඇකියෝ ස්වොර්ඩ්.

 

ඩිෆින්ඩෝ.

 

- හමායිනි?
- ඔයාට පිස්සුද?

 

ඔයාද?

ඔව්, පැහැදිලිවම මම හිතන්නෙ.

ඔයාද මුව දෙන එව්වේ?

 

- නැහැ, මම හිතුවෙ ඔයා කියලා.
- නැහැ, මගේ පැට්‍රොනාස් එක ගෝනෙක්.

ඔව්, හරි.

 

හොඳයි, රොන්.
ඒක කරන්න.

 

මට කරන්න බැහැ. ඔයාටයි හමායිනි ටයි
වඩා ඕක මට බලපෑම් කරනවා.

 

- තවත් හේතු ඕනද.
- මට බැහැ.

එහෙනම් ඇයි ආවේ?

 

ඇයි ආපහු ආවේ?

 

ඕක අරින්න මට කතාකරන්න වෙනවා,
ඇරුනම, හිත හිත ඉන්න එපා.

 

මම දන්නෙ නෑ මොනා තියෙනවද කියලා
ඕක ඇතුලෙ. ඒත් සටනක් පටන් ගනී.

දිනපොතේ තිබ්බ රිඩ්ල් ගේ කොටස
මාව මරන්න හැදුවා වගේ.

 

හොඳයි.

 

එකයි....

 

...දෙකයි...

 

...තුනයි.

 

මම ඔයාගේ හදවත දැක්කා.
ඒක මගේ.

 

මම ඔයාගේ සිහින දැක්කා,
රොනල්ඩ් වීස්ලි.

මම ඔයාගේ බය දැක්කා.

 

අම්මා අඩුවෙන් ආදරය කරපු
නිසා දුවෙක්ව හදාගත්තා

 

තමුන්ගෙ යාලුවට කැමති කෙල්ල
අඩුවෙන් ආදරය කළා.

රොන්!
විනාශ කරන්න.

 

අපි දක්ෂයි ඔයා නැතුවත්.

 

සතුටින් ඉන්නවා ඔයා නැතුවත්.

කවුරු ඔයා දිහා බලයිද
හැරී පෝටර් එක්ක බලනකොට?

 

ඔයා කවුද තෝරාගත් කෙනා
එක්ක බලනකොට?

රොන්, ඒක බොරු කියන්නේ!

ඔයාගේ අම්මා මට කිව්වා,
මාව පුතෙක් හැටියට ගන්න වඩා කැමතියි කියලා

මොන කෙල්ලද ඔයාව ගන්නේ

ඔයා නිකමෙක්... නිකමෙක්.

නිකමෙක්

 

ඔහුත් එක්ක බලනකොට

 

නිකමට හිතන්න...

 

...තව තුනයි ඉතුරු.

 

හමායිනි?

 

හමායිනි?

 

ඔක්කොම හොඳින්ද?

 

හොඳින්...
ඇත්තෙන්ම ඕනාවටත් වඩා හොඳින්.

 

හායි

 

ඔයා මහම මහ බූරුවෙක්! රොනල්ඩ් වීස්ලි!

සති ගානකට පස්සෙ ඇවිල්ල
කියන්නේ නිකන්ම "හායි" ද?

 

- කොහෙද මගෙ යෂ්ටිය, හැරී?
- මම දන්නෙ නෑ.

හැරී පෝටර්
මට දෙන්න යෂ්ටිය!

- ඔයාගෙ යෂ්ටියට මොකෝ වුණේ?
- ඒකෙන් වැඩක් නෑ ඔහු මගේ එක ගත්තා.

 

ඔය මොකක්ද?

 

ඔයා විනාශ කළාද?

 

ග්‍රිෆින්ඩෝර් ගෙ කඩුව කොහොමද
ඔයා අතට ආවේ ?

ඒක දිග කතාවක්.

 

- හිතන්න එපා මේකෙන් මොකවත් වෙනස් වෙයි කියලා.
- නැහැ?

මම මේ රෙද්දෙ හෝර්ක්‍රක්ස් එක විනාශ කලා,
ඇයි ඒකෙන් කිසි දෙයක් වෙනස් වෙන්නෙ?

මට ගිය ගමන්ම ආපහු එන්න ඕනා වුණා.

- මම දැනන් උන්නෙ නෑ ඔයාලා ඉන්න තැන.
- කොහොමද ඔයා අපිව හොයාගත්තේ?

මේකෙන්. නිකන්ම ලයිට්
නිවන එකක් නෙවේ.

මම දන්නෙ නෑ ඒක වැඩ කරන හැටි.
ඒත් නත්තල් දා උදේ මම නිදන් හිටියා පොඩි පබ් එකක...

...ස්නැචර්ස් ලගෙන් වහන් වෙන්න හිතාගෙන.

එතකොට මට ඒක ඇහුනා.

ඒක?

 

කට හඬක්.

 

ඔයාගෙ කටහඬ, හමායිනි.

 

ඒකෙන් ඇහුනා.

- හරියටම මොනාද කිව්වෙ කියලා දැනගන්න පුලුවන්ද?
- මගෙ නම.

 

මගෙ නම විතරයි.

 

සිහින් මිමිනීමක් වගේ.

 

ඉතින් මම ඒක අරගෙන,
එබුවහම පොඩි ආලෝක බෝලයක් ආවා.

ඉතින් මම දැනගත්තා...

 

...ස්ථීර වශයෙන්ම.
ඒක මා දිහාට පාවෙලා ආවා. අලෝක බෝලය.

 

මගෙ පපුවට, කෙලින්ම මා දිහාට.
හරියටම මෙතෙන්ට.

 

මම දැනගත්තා ඒක මාව අරන් යන්න ඕනා
තැනට ගෙනියන බව. ඉතින් මම අතුරුදහන් වුනා.

එතකොට මේ කඳුඅතරට මම ආවා.

 

කලුවරයි, මම දැනන් උන්නෙ නෑ
මම කොහෙද ඉන්නෙ කියලා.

 

මම හිතුවා ඔයාලගෙන් කෙනෙක්
මට පෙනෙයි කියලා.

 

ඔයා ආවා.

 

මම හැම වෙලාවෙම කැමතියි
මේ හමායිනි හදන ගිනිදැල් වලට.

 

ඔයා හිතන්නෙ කොයිතරම් කාලයක්
මා එක්ක තරහවෙලා ඉඳියි කියලද?

 

මම දන්නෙ නෑ, අර අලෝක බෝල කතාව දිගටම
කියන්න. ඒක සමහරවිට ඇයගෙ හදවතට දැනිලා...

...ඇය යාලුවෙයි ආපහු.

ඒක ඇත්ත. හැම වචනයක්ම.

 

මේක ටිකක් පිස්සු කතාවක් වෙයි.

ඒත් මම හිතන්නේ මේක නිසාමයි
ඩම්බල්ඩෝර් ඕක මට තියලා ගියේ. ඩිලුමිනේටර් එක.

 

මම හිතන්නෙ ඔහු කොහොමහරි දැනන්
උන්නා මට පාර හොයාගන්න වෙන බව.

 

මට දැනුයි මතක් වුනේ
ඔයාට යෂ්ටියක් ඕනා නේද?

- ඔව්.
- මට එකක් හම්බවුනා.

ඒක බ්ලැක්තොර්න් අඟල් 10 යි.

විශේෂ දෙයක් නෑ.
ඒත් මම කියන්නෙ ඕකෙන් වැඩේ කරගත්තහැකි.

මම ස්නැචර්ස් කෙනෙක්
ගෙන් සති දෙක තුනකට කලින් ගත්තේ.

 

හමායිනිට කියන්න එපා.
උන් හොද අය නෙවෙයි. ස්නැචර්ස් ලා.

මූනම් අඟුටුමිට්ටෙක්,
උගෙ ගඳ.

එන්ජෝර්ජියෝ.

- රෙඩියුසියෝ!
- මොකද වෙන්නෙ ඔතන?

- මුකුත් නෑ.
- මුකුත් නෑ.

 

අපි කතාකරන්න ඕනා.

 

ඔව්, හොඳයි.

 

- අපි යන්න ඕනා ක්සෙනෝපීලියස් ලව්ගුඩ් ව හම්බවෙන්න.
- මොකක් ?

 

මේක බලන්න.

මේක ඩම්බල්ඩෝර් ලියපු ලිපියක්
ග්‍රින්ඩල්වල්ඩ් ට. බලන්න අත්සන දිහා.

 

අර සලකුණ ආයෙමත්.

 

ඒක දිගින් දිගටම මතුවෙනවා.

"බීඩ්ල් බාර්ඩ් ගේ කතන්දරය" පොතේ,
ගොඩ්‍රික් නිම්නයේ සොහොන් පිටියේ.

 

ඒක එහෙත් තිබ්බා.

- කොහෙද?
- ග්‍රේගරොවිට්ච් ගෙ යෂ්ටි කඩේ පිටිනුත්.

මොකක්ද ඒකේ තේරුම?

බලන්න, ඔයා දන්නෙ නෑ ඊලඟ හෝර්ක්‍රක්ස් එක
කොහෙද කියලා. මම දන්නෙත් නෑ.

 

...ඒත් මේක, මේකේ තේරුමක් තියෙනවා.

- මට ඒක විශ්වාසයි.
- ඔව්. හමායිනි හරි.

 

අපි ලව්ගුඩ් හම්බවෙන්න යන්නම ඕනා.

 

අපි ඡන්දයක් තියමු.
කැමති අය.

 

ඔයා තාමත් ඔහු එක්ක තරහින්ද ඉන්නෙ?

මම හැමවෙලාවෙම තරහින් ඉන්නේ.

 

ලූනා.

ලූනා.

 

මෙය කැඩීමෙන් වලකින්න

 

මොකක්ද?
ඔයාලා කවුද?

මොනාද ඕනා?

හෙලෝ, මිස්ටර් ලව්ගුඩ්. මම හැරී පෝටර්,
අපි මාස දෙක තුනකට කලින් හම්බවුනා.

 

අපිට ඇතුලට එන්න පුලුවන්ද?

 

- කොහෙද ලූනා?
- ලූනා?

 

මම දන්නෙ නෑ.
ඇය තනියම ඉන්නෙ.

 

ඉතින්...මම කොහොමද ඔයාට
උදව් කරන්නේ, පෝටර් ?

 

හොඳයි, ඇත්තෙන්ම...

 

...ඒක ඇත්තටම ඔයා විවාහ උත්සවය දා
බෙල්ලෙ පැලඳගෙන හිටපු දෙයක් ගැන. සලකුණක්.

 

ඔයා කියන්නේ මේක?

ඔව්.

හරියටම ඒක තමා.

 

මම අහන්න උන්නේ...
ඕක මොකක්ද?

මේක මොකක්ද?

මේක ?
මේ මරණයේ නිම්නයේ ලකුණ.

- මොකක්?
- මොකක්?

මරණයේ නිම්නයේ ලකුණ.

මම හිතන්නෙ ඔයාලා "සහෝදරයො තුන්
දෙනාගෙ කතාව" දන්නවා ඇතිනේ?

- ඔව්.
- නැහැ.

 

ඒක තියෙනවා මේකේ.

 

දවසක් සහෝදරයො තුන්දෙනෙක්...

...වංගු සහිත පාරක ගමන්
කරමින් සිටියා හිමිදිරි වෙලාවක.

මධ්‍යම රාත්‍රියේ. අම්මා හැමවෙලාවෙම
කිව්වෙ මධ්‍යම රාත්‍රියෙ කියලා

 

හිමිදිරිය හොඳයි.
ඇත්තෙන්ම වඩා හොදයි.

 

ඔයාට කියවන්න ඕනද?

නෑ.

 

දවසක් සහෝදරයො තුන්දෙනෙක්...

වංගු සහිත පාරක ගමන් කරමින්
සිටියා හිමිදිරි වෙලාවක.

 

එක වෙලාවක ඔවුන් තිදෙනා එතෙර වීමට
අපහසු ගඟක් ලඟට පැමිණියා.

ඒත් ඔවුන් මායා ඉගෙන ගෙන සිටි නිසා...

...ඔවුන්ගේ යෂ්ටි
භාවිතාකරමින් පාලමක් හැදුවා.

 

කෙසේවුවත් ඔවුන් තරණය කිරීමට පෙර...

...පාර අවහිර කරමින් හිස
වසාගත් කෙනෙක් සිටියා.

ඒ තමා මරණය.
ඔහුව රවටනු ලැබූ බවක් හැඟුනා.

රවටනු ලැබූවෙ සංචාරකයින් සාමාන්‍යයෙන්
ගිලී මැරෙන්න නියමිත නිසයි.

ඒත් මරණය කපටියි.

 

ඔහු සහෝදරයෝ තිදෙනාගේ මායා වලට
ප්‍රශංසා කරන බවක් අඟවමින්...

...ඔහු කිව්වා තමුන්ව මඟ හැරීමට සමත්
කුසලතාවය වෙනුවෙන් ඔවුන්ට වරමක් ඉල්ලිය හැකි බව.

 

වැඩිමහල්ලා යෂ්ටියක් ඉල්ලුවා.
පවතින බලවත්ම යෂ්ටිය.

ඔහු ලඟ තිබූ එල්ඩර් ගසෙන්
යෂ්ටියක් සකසා දුන්නා.

 

දෙවෙනි සහෝදරයා මරණය
තවදුරටත් අවමානයට පත්කරන්න සිතා...

...ආදරණීය මියගිය වුනව මිනීවලෙන්
නැගිට්ටවන්න ශක්තිය ඉල්ලුවා.

මරණය ගඟෙන් පාෂාණයක්
රැගෙන ඔහුට දෙනලදී.

 

අවසානයේ මරණය තුන්වෙනි
සහෝදරයා පැත්තට හැරුනා.

 

නිහතමානී මනුෂ්‍යයෙක් වෙච්ච ඔහු...

...මාරයා විසින් ලුහුබැඳ නොපැමිණෙන ලෙස...

...එතැන පසුකර යෑමට දෙයක් ඉල්ලන ඉල්ලුවා.

 

මාරයා අකමැති ව ඔහුගේම
අදෘශ්‍යමාන සළුව දුන්නා.

 

පළමු සහෝදරයා තම එල්ඩ යෂ්ටිය සමඟ
ඈත ගමකට ගොස්...

...කලකට පෙර තමා සමඟ අඬ දබර
කරගත් මායාකරුවෙක් ව මරා දමන ලදී.

 

යෂ්ටිය තමාට ලබා දුන් බලයෙන් අන්ධව...

... ඔහුගේ බලය ගැන
පුරසාරම් දොඩමින් සිටියා.

 

එහෙත් එම රාත්‍රියේ වෙනත්
මායාකරුවෙක් යෂ්ටිය හොරකම් කොට...

...ඔහුගේ ගෙල සිඳ මරා දැමුවා.

එසේ මරණය පළමු
සහෝදරයාව බිලි ගත්තා.

 

දෙවැනි සහෝදරයා තම නිවසට ගොස්,
තම පාෂාණය රැගෙන...

 

...කාලයක් තමා ආදරය කල,
අකාලයේ මියගිය යුවතියව...

...තමා ඉදිරියට ගෙන්නුවා.

 

එහෙත් ඇය මනුෂ්‍ය ලෝකයට අයිති නැති
බව දැනී දුකට පත්වී ශීතල වුනා.

බලාපොරොත්තු සුන්වීමෙන් උමතු වූ දෙවැනි සහෝදරයා
ඇය හා එක්වනු පිණිස සියදිවි හානිකර ගත්තා.

 

එලෙස මරණය දෙවෙනි
සහෝදරයාව බිලි ගත්තා.

මාරයා තුන්වෙනි සහෝදරයාව අවුරුදු ගානක්
සෙවූ නමුත් ඔහුව සොයාගත නොහැකි වුනා.

ඔහු වයස්ගත වූ පසු අදෘශ්‍යමාන
සළුව තම පුතාට දී...

 

...මරණයට පැරණි යහලුවෙක්
ලෙස ආචාර කරා.

ඔහු සතුටින් මරණය හා
සමඟ නික්ම ගියා.

 

ඉතින්, ඔන්න ඕක තමා මරණයේ නිම්නයේ කතාව.

 

මට සමාවෙන්න සර්,
මට තාමත් හරියට තේරුණේ නෑ.

 

කොහෙද මේ පෑන?

 

එල්ඩර් යෂ්ටිය...

 

...සාදා තිබෙන බලගතුම යෂ්ටිය.

 

පුනරුප්පත්ති පාෂාණය.

 

අදෘෂ්‍යමාන සළුව.

 

එකට එකතු වුනාම හැදෙනවා
මරණයේ නිම්නය.

එකට එකතු වුනාම හැදෙනවා
මරණයේ අධිපතියෙක්.

 

ඔය සලකුණ ගොඩ්‍රික් නිම්නයේ
සොහොන් කොතක තිබ්බා.

 

මිස්ටර් ලව්ගුඩ්, මේ මරණයේ නිම්නයේ ලකුණට
පෙවෙරෙල් පවුලෙ සම්බන්ධයක් තියෙනවද?

ඔව්, ඉග්නොටස්, සහ ඔහුගේ සහෝදර කැඩ්මස් සහ
ඇන්ටියොච් තමා ඔය වස්තු වල ඇත්ත හිමිකරුවන්...

...ඉතින් ඒක නිසා කතාවේ අනුභාවය පිණිස.

ඒත් ඔයාලගේ තේ නිවිලා...

 

...මම ඉක්මනට එන්නම්.

අපි යමු පහලට.

 

අපි යමු යන්න

ඔය ජරාව මම නම්බොන්නෙ නෑ
නිවිලා තියා උණුවෙන් වත්.

 

ස්තූතියි සර්.

 

- ඔයාට වතුර අමතක වෙලා.
- මොන වතුර?

තේ වලට.

මම--? මම?

 

කොච්චර මෝඩද.

 

නෑ නෑ එපා සර්.
අපි යන්නයි යන්නේ.

නෑ නෑ, එපා එපා!

 

සර්?

 

ඔයා තමා මගේ
එකම බලාපොරොත්තුව.

 

මම ලියමින් හිටපු දේවලට
ඔවුන්ට තරහ ගිහින්.

 

ඉතින් ඔවුන්...

 

...මගේ දරුවව ගත්තා.

 

මගෙ ලූනා.

 

ඒත් ඇත්තටම
ඔවුන්ට ඕනා ඔබවයි.

 

කවුද ඇයව ගත්තේ?

 

වොල්ඩමොර්ට්.

 

නවත්වන්න! මම ගාව ඉන්නවා!

 

ද්‍රෝහී ලේ බොන්නා!
අපිට විශ්වාස කරන්න කවුරුවත් නැද්ද?

ඔවුන් ඇයව පැහැර ගත්තා
ඔහු මට උදව් කරන නිසා.

ඔහුට කරන්න දෙයක් නැතුව ගියා.

 

මම මන්තරය කරන්නම්.

 

හෙලෝ වස්තුවේ.

 

කියන කම් බලන් ඉන්නෙ
නැතුව අල්ල ගන්නවා.

 

හැරී.

මට කියනවා ග්‍රින්ඩෙල්වල්ඩ්. කොහෙද ඒක.

 

ග්‍රින්ඩෙල්වල්ඩ්. ග්‍රින්ඩෙල්වල්ඩ්. ග්‍රින්ඩෙල්වල්ඩ්.

 

හෙලෝ, ටොම්.
මම දැනන් හිටියා දවසක ඔයා එනබව...

...ඒත් ඔය හොයන දේ
මම ගාව දැන් නෑ.

 

මම උඹව විශ්වාස කරනවා ග්‍රින්ඩෙල්වල්ඩ්,
කියනවා දැන් කොහෙද ඒක?

කවුද ඒක තියාගෙන ඉන්නේ.

එල්ඩර් යෂ්ටිය අනිවාර්යයෙන්ම
තියෙන්නෙ ඔහුගාව...

...පොළොවට වැලලිලා.

 

ඩම්බල්ඩෝර්!

 

මරණයේ නිම්නය තාම තියෙනවා...

...ඒත් ඔහුට ඕනා කරන්නේ එකයි. අවසන් එක.
ඔහු දන්නවා ඒක තියෙන තැනත්.

අද රෑ වෙද්දි ඔහු ඒක ගනී. ඔයා දන්නවා
කා ගාවද එල්ඩර් යෂ්ටිය තිබ්බෙ කියලා.

- ඇයට අත තියන්න එපා.
- ඔහුව අතාරිනවා.

උඹේ පෙම්වතාට ඔයිට වඩා කන්ඩ වෙයි
ඔහු හැසිරෙන හැටි ඉගෙන නොගත්තොත්.

 

උඹට මොකද වුනේ විරූපියෝ?

 

නෑ, උඹ නෙවෙයි.

 

- මොකක්ද උඹේ නම?
- ඩඩ්ලි. වර්නන් ඩඩ්ලි.

ඒක පරීක්ෂා කරන්න.

 

ඔයා වස්තුවේ?

 

ඔයාට මොකක් කියලද කතාකරන්නේ?

 

පෙනිලෝප් ක්ලියර්වෝටර්
කුණු ලේ.

 

වර්නන් ඩඩ්ලි කියලා
නමක් මේකෙ නෑ.

 

උඹට ඇහුනද ඒක?
ඒ කියන්නෙ උඹ අපිට බොරු කියනවා.

ඇයි උඹ කවුද කියලා නොකියන්නේ?

ඕක වැරදියි. මම කිව්වා මගෙ නම.

 

සැලසුම වෙනස් කළා.

 

අපි මුන් ටික අමාත්‍යාංශයට ගෙනියන්නෙ නෑ.

 

ඩ්‍රේකෝ ව ගේන්න.

 

ඉතින්?

 

- මට හරියටම කියන්න බෑ.
- හොඳට බලන්න, ඩ්‍රේකෝ.

 

පෝටර් ව වොල්ඩමොර්ට් ට
බාර දෙන්නෙ අපිනම්...

...හැම දේටම සමාව ලැබෙනවා.
හැම දේම තිබුනා වගේ වෙනවා තේරුණාද?

මම හිතන්නෙ අපි අමතක කරන්න හොඳ නෑ
කවුද ඇත්තටම ඔහුව ඇල්ලුවෙ කියලා, මිස්ටර් මැල්ෆෝයි.

මගෙ ගෙදර ඉඳගෙන මොන
හයියකටද එහෙම කතා කරන්නෙ?

ලූසියස්.

 

ලැජ්ජා වෙන්න එපා,
ලඟට එන්න!

 

මේ ඔයා හිතන කෙනා නොවී, අපි ඔහුට එන්න
කිව්වොත් ඔහු අපි ඔක්කොම මරයි.

අපි හරියටම ස්ථීර කරගන්න ඕනා!

මූණට මොකද වෙලා තියෙන්නේ?

ඔව්, මොකක්ද මූණට වෙලා තියෙන්නෙ?

අපි අල්ලගද්දිම ඔහොම තමා.

මම හිතන්නෙ කැලේදි වෙච්ච දෙයක්.

විෂක් ඇතුලට දුවලද?
නැත්තම් උඹලද?

 

බලමු බලන්න යෂ්ටිය අරගෙන,
අන්තිම මන්ත්‍රය මොකක්ද කියලා.

 

බය වුනා.

 

ඒ මොකක්ද?

 

කොහෙන්ද ඒක හම්බවුනේ?

ඒක තිබුනෙ ඇයගේ බෑග් එකේ.
මම හිතන්නෙ දැන් ඒක මගේ.

 

උඹට පිස්සුද?

 

යනවලා යන්න!
යනවා යන්න!

 

කිසී, කොල්ලන්ව බිංගෙයට දානවා.

මට මෙයත් එක්ක පොඩි කතාවක් තියෙනවා
කෙල්ලො දෙන්නෙක් අතර.

 

අපි මොකද කරන්නේ?
අපිට බෑ හමායිනි අරකි එක්ක තනියම තියන්න!

රොන්?

 

හැරී?

 

ලූනා?

 

කඩුව තියෙන්න ඕනා මගේ සුරක්ෂිතාගාරයේ.
උඹ කොහොමද ඒක ගත්තේ?

උඹයි උඹේ යාලුවයි වෙන මොනාද ඒකෙන් ගත්තේ?

මම කිසි දෙයක් ගත්තේ නෑ. කරුණාකරලා
මම කිසි දෙයක් ගත්තේ නෑ.

මම උඹව විශ්වාස කරන්නේ නෑ.

 

අපි මොනාහරි දෙයක් කරන්න ඕනා!

මෙහෙන් එලියට යන්න බෑ. අපි හැමදේම
කරන්න හැදුවා. ඒක සුරක්ෂිත කරවලා තියෙන්නෙ.

- කරුණාකරලා! කරුණාකරලා!
- කට වහපිය!

ඔයාගෙන් ලේ ගලනවා හැරී,

ඕක ඔයා ගාව තියාගැනීම
කුතුහලය දනවනවා.

 

අපිට උදව් කරන්න.

 

- ඇයට යන්න දෙන්න.
- පස්සට වෙනවා!

 

ගොබ්ලින්, මා එක්ක එනවා.

 

- අහ්!
- ඩොබී?

 

ඔයා මොකද මෙහෙ කරන්නේ?

ඩොබී ආවේ
හැරී පෝටර් ව බේර ගන්න!

ඩොබී හැමවෙලාවෙම
හැරී පෝටර් වෙනුවෙන් ඉන්නවා.

ඔයාට මේ කාමරයෙන් එලියට
අපිත් එක්ක අතුරුදහන් වෙන්න පුලුවන්ද?

අනිවාර්යයෙන්ම, මම එල්ෆ් කෙනෙක්.

 

මටනම් ඒක හොදයි.

හොඳයි, ඩොබී,
ලූනා වයි ඔලිවැන්ඩර් වයි...

ටින්වෝර්ත් මුහුද ගාව තියෙන
ගෙදරට ගෙනියන්න.

මාව විශ්වාස කරන්න.

 

ඔයා ලෑස්ති නම්, සර්.

 

සර්?
මම ඇයට ගොඩක් කැමතියි!

 

තත්පර දහයකින් මාව
පඩිපෙල උඩදි හම්බවෙන්න.

 

කවුද එයාගේ යෂ්ටිය ගන්නේ?

 

මම ආයෙ අහනවා, ගොබ්ලින්

හොඳට හිතල බලන්න
උත්තර දෙන්න කලින්.

මම දන්නෙ නෑ!

උඹ දන්නෙ නෑ?
ඇයි උඹ උඹේ රස්සාව කරන්නෙ නැත්තෙ?

කවුද මගෙ සුරක්ෂිතාගාරයට ගියේ?

 

කවුද ඒක හොරකම් කළේ?
කවුද ඒක හොරකම් කළේ?

මම අන්තිමට එතෙන්ට යනකොට
කඩුව ඔයාගේ සුරක්ෂිතාගාරයේ තිබුනා.

 

එතෙකොට ඒක තනියම ඇවිදගෙන ගිහින්.

ග්‍රින්ග්‍රොට්ස් ඉවුර තරම් ආරක්ෂිත තැනක් නෑ.

බොරුකාරයා!

 

බේරුනා කියලා හිතාගන්නවා ගොබ්ලින්.

 

ඒ දේ මෙයාටනම් අහන්න වෙන්නෙ නෑ.

අපායටම පල!

 

එක්ස්පෙලියාමස්!

 

ස්ටුපිෆයි.

 

නවත්තනවා!

 

යෂ්ටි බිමට දානවා.

 

මම කිව්වෙ බිමට දානවා!

 

ඒවා අහුල ගන්න, ඩ්‍රේකෝ, දැන්ම!

 

හොඳයි, හොඳයි, හොඳයි
කවුද මේ කියලා බලමු.

 

මේ හැරී පෝටර් නේ.

 

මේ ඉන්නෙ දිලිසි දිලිසි අලුත් වෙලා.
වොල්ඩමොර්ට් වෙනුවෙන් වෙලාවටම.

ඔහුට කතා කරන්න.

 

ඔහුට කතා කරන්න.

 

ස්ටුපිෆයි!

 

මෝඩ එල්ෆ් !

- උඹ මාව මරන්න හැදුවා!
- ඩොබී කවදාවත් මරන්න හිතන්නේ නෑ.

ඩොබී හදන්නෙ අංගවිකල කරන්න හරි
මාරක තුවාල කරන්න හරි විතරයි.

 

මොන බලපුලුවන්කාර කමකටද
මන්ත්‍රකාරියකගේ යෂ්ටියක් ගත්තේ?

උඹේ ස්වාමීන්ට අකීකරු වෙනවද?

ඩොබී ට ස්වාමියෙක් නෑ!

ඩොබී නිදහස් එල්ෆ් කෙනෙක්.

ඩොබී ආවේ හැරී පෝටර් වයි
එයාගේ යාලුවන්වයි බේර ගන්න.

 

හමායිනි.

ඔයා හොඳින්ද?
අපි හොඳින්.

අපි හොඳින්.

 

හැරී පෝටර්.

 

ඩොබී.

 

ඩොබී. මුකුත් වෙන්නෙ නෑ.
ඔහොම ඉන්න.

ඔහොම ඉන්න හරි?

අපි ඕක හදන්නම්.

හමායිනි ගාව දෙයක් තියෙනවා...

...එයාගේ පසුම්බියේ! හමායිනි!

 

හමායිනි?

 

මට උදව් කරන්න!

 

මෙච්චර ලස්සන තැනක...

 

...ඔයාලා එක්ක යාලුවො විදියට.

 

ඩොබී ට සන්තෝෂයි
එයාගේ යාලුවො එක්ක ඉන්න එක ගැන......

 

...හැරී පෝටර්.

 

අපි ඔහුගේ ඇස් වහන්න ඕනා...

...එහෙම නේද?

 

අන්න එහෙම

දැන් ඔහුට නිදා ගන්න පුලුවන්.

 

මට ඔහුව වලලන්න ඕනා...

 

...හරි විදියට,
මායාවන් නැතුව.

 

හැරී පෝටර් ඇන්ඩ් ද ඩෙත්ලි හලෝව්ස් - පළමු කොටස
සිංහල උපසිරැසි - සදකැලුම් සෙනෙවිරත්න